යල කන්නයට අවශ්‍ය පරිදි පොහොර තිබෙනවා
මොනරාගල දිස්ත්‍රික්කයේ ඉදිරි යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත්ව පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක උපුල් රත්නසිංහ මහතා ප්‍රකාශ කරන ලදි.
ඒ මහතා එසේ පැවසුවේ,මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී (21) වෙනිදා මොනරාගල දිසාපති ඒ.ජී නිශාන්ත සහ කෘෂිකර්ම අධ්‍යක්ෂක එස්.ඩී.ඩබ්. ගුණසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මොනරාගල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදීය.
"දිසාපතිවරයාගේ උපදෙස් පරිදි පොහොර සැපයීමේ කටයුතු සාර්ථකව සිදුකරගෙන යනවා.මොනරාගල දිස්ත්‍රික්කයේ යල කන්නයට අවශ්‍ය පොහොර ගොවීන්ගේ ඉල්ලීම පරිදි ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන සඳහා හරහා ලබාදී තිබෙනවා.ගොවීන් 14,604 අවශ්‍ය යූරියා,ටී.එස්.පී,එම්.ඕ.පී පොහොර අවශ්‍යතාවයෙන් සියයට අනූවක් පමණ ලබාදී තිබෙනවා.එම්.ඕ.පී පොහොර අවශ්‍ය වෙන්නේ වපුරා දින 45 කින් ඒකයි තාම ඕඩර් නැත්තේ."
ඉදිරි යල කන්නයේ වී අස්වනු ගබඩා කිරීම සඳහා දැනට ගබඩා වල පවතින වී අස්වනු අලෙවි කර ගබඩා සූදානම් කර තබා ගැනීම සඳහා මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී නිශාන්ත මහතා විසින් අදාළ නිලධාරීන් දැනුම් දෙන දෙන ලදි.
මොනරාගල දිස්ත්‍රික්කයේ රබර් සඳහා විශේෂ ඉල්ලුමක් පවතින බැවින් රබර් නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා වැඩි අවධානක් යොමුු කරන ලෙසත් මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය වැඩි දියුණු කරමින් මුතුකණ්ඩිය මත්ස්‍ය අභිජනන ඒකකය ඉතා ඉක්මනින් ඉඳිකර අවසන් කරන ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.
බීජ හා රෝපණ ද්‍රව්‍ය සුලභතාවය තහවුරු කිරීම සහ භාවිතය ප්‍රවර්ධනය කිරීම යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියලු බීජ අවශ්‍යතාවයන් බොහෝ දුරට සපුරා ඇති බවත් බීජ හා රෝපණ ද්‍රවය අලෙවි මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරීවරයා විසින් ප්‍රකාශ කරන ලදි.
මීට අමතරව කෘෂිකර්ම ක්ෂේත්රයේ ක්‍රියාත්මක වන අනිකුත් වැඩසටහන් වල ප්‍රගතිය සහ ගැටලු පිළිබඳව කරුණු සාකච්ඡා කෙරිණි. මෙහිදී වේලිඔය සහ මුතුකණ්ඩිය ව්‍යාපාර නියෝජනය කරමින් පැමිණි ගොවි සංවිධාන වලට අයත් ගොවි මහතුන් විසින් ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කරන ලදි.
මෙම අවස්ථාවට මොනරාගල අතිරේක දිස්ත්‍රික් ලේකම් මංගල විජේනායක,සහකාර දිස්ත්‍රික් ලේකම් ඩී.ඩබ්ලිව් දහනායක,ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්රයට අදාල නිලධාරීහු සහභාගී වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

