යල කන්නය සඳහා ප්‍රමාණවත් පරදි පොහොර පවතින බව පොහොර සමාගම් රජයට දන්වා තිබේ. පොහොර සමාගම් හා කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදී පොහොර සමාගම් මේ බව සඳහන් කර තිබේ.
යල කන්නය සඳහා පොහොර අවශ්‍ය පරිදි තිබෙන බවත් විශේෂයෙන්ම ටී.එස්.පී. පොහොර මෙන්ම ප්‍රධාන වශයෙන් භාවිත කරන යූරියා පෙර පැවැති මිලගණන් යටතේ පවත්වාගෙන යන බවට පොහොර සමාගම් සමග සිදුකරන ලද සාකච්ඡාවලන් අනතුරුව පොහොර සමාගම්එකඟතාව ප්‍රකාශ බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.
ලෝක වෙළඳපොලේ පොහොර මිල වැඩි වුවද එම්.ඕ.පී. පොහොර අවශ්‍ය පරිදි තිබෙන බවත් පොහොර තොග අවශ්‍ය පරිදි පවතින බැවින් පොහොරවල මිල වැඩිවීමක් හෝ හිඟතාවක් නොපවතින බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
ජ්‍ය පොහොර සංස්ථාව සතුව ටී.එස්.පී පොහොර ටොන් 600ක් පවතින බවත් රට තුළ පවතින මුළු ප්‍රමාණය ටොන් 3200ක් බවත් එම්.ඕ.පීපොහොර යල කන්නයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇති බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
සංස්ථාව සතුව එම්.ඕ.පී. පොහොර ටොන් 15000ක් සහ මුළු ප්‍රමාණය ටොන් 69000ක් බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
යූරියා පොහොර ටොන් 60000ක් රට තුළ පවතින බවත් රාජ්‍ය පොහොර සංස්ථාව සතුව ටොන් 4000ක් හෝ ලබන සතියේදී තවත් ටෝන 5000ක් රටට ලැබීමට නියමිත බවත් අමාත්‍යාංශය දන්වා සිටියි.
පොහොර හිඟයක් පවතින බැවින් පොහොර මිල වැඩිවන බවට ව්‍යාජ පුවත් සංසරණය වන බවට ඒවාට හසු නොවන ලෙසට ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.