දිවයිනේ සියලු වී වගාකරනු ලබන දිස්ත්‍රික්ක සදහා මෙවර යල කන්නයේ වී වගාව සදහා අවශ්‍ය යුරියා පොහොර අවශ්‍යතාවයෙන් 73% ක් ඊයේ (23දා) වන විට වනවිට නිකුත්කර තිබෙන බව සීමාසහිත ලංකා පොහොර සමාගමේ තොරතුරු මගින් අනාවරණය වේ.
එම තොරතුරු වලට අනුව වී වගාකටයුතු සිදු කෙරෙන සියලු දිස්ත්‍රික්ක වෙනුවෙන් යුරියා පොහොර මෙට්‍රික්ටොන් 17119.450 වෙන්කර තිබෙන අතර ඒ අතරින් සියලු දිස්ත්‍රික්ක වෙත මෙට්‍රික්ටොන් 12563.400ක ප්‍රමාණයක් මේ වනවිට බෙදා දී තිබේ.එමෙන්ම ඉතිරි යුරියා පොහොර මෙට්‍රික්ටොන් 4556.050ක ප්‍රමාණයද ඉදිරියේදී බෙදා දීමට නියමිත බව ලංකා පොහොර සමාගමේ නිලධාරියෙකු කියා සිටියේය.
එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ යල කන්නයේ වී වගාව සදහා අවශ්‍ය යුරියා පොහොර අවශ්‍යතාවයෙන් 94%ක ප්‍රමාණයක් මේ වනවිට නිකුත් කර තිබෙන බවත් ඒ අනුව දිස්ත්‍රික්කයේ සියලු ප්‍රදේශයන්හි කුඹුරු අක්කර 32000කට අධික භුමි ප්‍රමාණයක වී වගා කටයුතු මේ වනවිට සිදුකර තිබෙන බවද හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ප්‍රියන්ත සුමනසේකර මහතා පවසා සිටියේය.
එමෙන්ම අගෝස්තු සැප්තැම්බර් මාසයන්හි වී අස්වනු නෙලීමට හැකියාවක් දිස්ත්‍රිකයේ පවතින බවත් ඒ සඳහා ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ලබාදීම වෙනුවෙන් මේ වනවිට කටයුතු සංවිධානය කරමින් සිටින බවත් හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.