යාපනයේ තරුණියක් සිරුරට ගිනිතබා ගැනීමෙන් ජීවිතක්ෂයට
යාපනය පූත්තූර් ප්‍රදේශයේ පදිංචි තරුණියක් සිය සිරුරට ගිනිතබා ගැනීමෙන් ඊයේ (23) දින ජීවිතක්ෂයට පත්ව ඇති බවට අච්චුවේලි පොලීසිය පවසයි.
පූත්තූර් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි යූ. වීදූෂිකා නැමති තරුණිය සිය නිවසේ සිටින අවස්ථාවකදී ගෙමිදුලට පැමිණ සිරුරට භූමිතෙල් වත්කොට ගිනිතබාගෙන ඇත්තේ පසුගිය 21 වනදාය.
අනතුරුව දරුණු පිළිසුම් තුවාල සහිතව තරුණිය යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඊයේ දින මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි.
මියගිය තරුණියගේ ඥාතීන් පොලීසියට පවසා ඇත්තේ මියගිය තරුණියට වසරකට අධික කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පැවති බවටත් එම සබඳතාවයේ ඇතිවූ ගැටලුවක් හේතුවෙන් ගිනිතබා ගැනීමට පෙර දැඩි සිත්තැවුලෙන් සිටි හෙයින් ඇති පීඩනයක් දරා ගැනීමට නොහැකිව මෙලෙස ගිනි තබා ගන්නට ඇති බවට සැක පලකරන බවටය.
කෙසේ වෙතත් මියගිය තරුණියගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් යාපනය රෝහල් මෘතශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර අච්චුවේලි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

