යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලබන 17 දා විවෘත කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනයද පසුගියදා නිකුත් කරනු ලැබීය.
යාපනය ගුවන් තොටුපොළේ ඉදිකිරීම් පිළිබඳව සොයා බැලීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ (13) එහි නිරීක්ෂණ චාරිකාවකටද එක්විය.


