ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වැනි සංවත්සරයට සමගාමීව යුද හමුදාවේ 7210ක් වෙනුවෙන් එකවර උසස්වීම් ලබාදීමට හැකිවූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
යුද හමුදාවේ 70 වැනි සංවත්සරය අදට යෙදුණ අතර ඒ වෙනුවෙන් පැවැති උත්සවය අමතමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය. ගාලුමුවදොර පිටියේදී ප්‍රධාන උත්සවය පැවැතියේය.
ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසමේ මෙවැනි විශාල සංඛ්‍යාවකට එකවර උසස්වීම් ලබාදුන් පළමු අවස්ථාව මෙය වෙයි.
මෙහිදී නිලධාරීන් 210කට හා සෙසු නිලයන් 7000කට උසස්වීම් හිමිවිය.
“ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 70 ක ඉතිහාසය තුළ ප්‍රථම වතාවට මෙම සංවත්සරයට සමගාමීව නිලධාරීන් 210 ක් සහ සෙසුනිලයින් 7000 ක් උසස්වීම් ලබන අතර, එය 70 වසරක යුද හමුදා ඉතිහාසය තුළ වැඩිම උසස්වීම් ප්රදානය කළ සහ පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයක් බවද සිහිපත් කරමී.
මෙහිදී නිලධාරී උසස්වීම් 210 අතුරින් 2/ලුතිතන් සිට ලුතිතන් නිලය දක්වා උසස්වීම් 03 ක්ද, ලුතිතන් සිට කපිතන් දක්වා උසස්වීම් 17 ක්ද, කපිතන් සිට මේජර් දක්වා උසස් වීම් 150 ක් සහ මේජර් සිට ලුතිනන් කරනල් දක්වා උසස්වීම් 40 ක්ද, ප්රදානය කිරිමට හැකිවීමද අප ලද විශේෂ ජයග්රහණයකී.” යැයි යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
