යුද හමුදාවෙන් යුද විශ්ලේෂකයන්ට අභියෝගයක්
ශ්‍රී ලංකාවේ ඇතිවන ඕනෑම තත්ත්වයකට මුහුණදීමට යුද හමුදාව සූදානම් බවත් යුද විශ්ලේෂකයන් යැයි පවසන පිරිස් වසා දමා ඇතැයි පවසන වැදගත්වන කඳවුරු මොනවාද යන්න පෙන්වන ලෙස අභිගෝ කරන බවත් යුද හමුදාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
උපුටා ගැනීම
“යුද්ධ හමුදා සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය යටතේ අඩු භඨපිරිසකගෙන් යුත් බළඇණි සංඛ්‍යාත්මක වශයෙන් ශක්තිමත් කර ඇති අතර, එමගින් ඛණ්ඩ හා කණ්ඩායම් වශයෙන් නිසි ආකාරව සංවිධානය වී ඕනෑම තත්වයකට මුහුණදීමට සියළුම බළඇණි පෙර සූදානමකින් යුතුව තැබීමට අවැසි ක්‍රියාමාර්ග ගෙන ඇත.
මෙය යුද විශ්ලේෂකයින් යැයි හඳුන්වාගත් ඇතැම් පුද්ගලයින් විසින් කඳවුරු වසාදැමීමක් බවට අර්ථකතනය කර ඇත. මේ වන විට ආරක්ෂක සේනා මූලස්ථානය (යාපනය) බල ප්‍රදේශයෙහි සියළුම ඒකක සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය යටතේ ප්‍රතිසංවිධානය කර ඇති හෙයින්, එහිදි වසා ඇති යුදමය වශයෙන් වැදගත්වන කඳවුරු මොනවාද යන්න පෙන්වා දෙන ලෙස උක්ත හඳුන්වාගත් යුද විශ්ලේෂකයින් හට යුද්ධ හමුදාව අභියෝග කර සිටී.
මෑතකදී ද ඇතැම් විශ්‍රාමික හමුදා නිළධාරීන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුදමය සූදානම පිළිබඳව ඔවුන් සෑහීමකට පත් නොවන බැව් ප්‍රකාශ කර ඇති අතර වසර ගණනාවකට පසුව විශ්‍රාම ගොස් පිටත සිට යුද්ධ හමුදාවේ යුධමය ශක්තිය පිළිබඳව සමාලෝචනය කිරීමට කිසිවෙකුට නොහැකි අතර සදාචාරාත්මක අයිතියක්ද ඔවුන් වෙත නොමැත.
එමෙන්ම අවශ්‍ය අවස්ථාවන්හීදි හිටපු යුද්ධ හමුදාධිපතිවරුන් මෙන්ම, අත්දැකීම් සහිත විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සමග අදහස් හුවමාරු කර ගනිමින් යුද්ධ හමුදාවේ ශක්තිය තවදුරටත් වර්ධනය කිරීමට යුද්ධ හමුදාව සෑමවිටම ක්‍රියාකර ඇති අතර ඉදිරියටත් එසේ කටයුතු කිරීමට කිසිඳු අවස්ථාවක නොපසුබට වන බව තවදුරටත් දන්වා සිටිමි.”
popular news
-
Champa Sunday, 09 September 2018 04:50 PM
එහෙම කොහොමද කියන්නේ සදාචාරාත්මක අයිතියක් නැහැ කියල? ඒ කතා කරන්නේ රට වෙනුවෙන් යුධ පෙරමුණටම ගිහින් සටන් කරපු හමුදාවට අණ දීපු පරිණත හමුදා නිලධාරීන්. ඔබට වඩා අයිතියක් ඔවුන්ට තියෙනව කතා කරන්න රට වෙනුවෙන්. ඔබ හමුදාවෙන් ඉවත් වෙලා ගිහින් නැවත ආපු කෙනෙක්. ඔවුන් එහෙම කරපු අය නෙමෙයි. ඔවුන් තමයි යුධ ජයග්‍රහණයේ නියම නියමුවෝ. දැන් බලන්න ආයුධ ගබඩාවක්ම මේ ආණ්ඩුව විනාශ කළා. ඉතුරුව මුහුදට දැම්ම. උතුරේ කඳවුරු ඉවත් කළා. ඒවා නැහැයි කියන්නේ කොහොමද? යුධමය සූදානම කියලා කියන්නේ පණ නැති කඳවුරු වලටවත් පණ නැති ආයුධ වලටවත් නෙමෙයි. ඒවා පණ ගන්වන්න ඉන්න පණ තියෙන හමුදා නිලධාරීන්ට සහ සෙබළුන්ට. හමුදාවේ මානසික ශක්තිය හොඳටම බැහැල. වෙන කතාවක් මොකොටද. මේ අවුරුද්දේ උතුරේ හමුදාව සමරුවනේ. ඒවගේ පින්තූර වලින් විතරක් පෙන්වා සෙබළුන් විතරක් නෙමෙයි නිලධාරිනුත් මොන තරම් මානසිකව වැටිලද කියලා. දැන් අර කිසි බලයක් නැති OMP එක කියනවා හමුදා නිලධාරීන් interdict කරන්න කියලා. ජිනීවා ගිවිසුම් ගහලා හමුදාව පාවා දීල මදිවට හිර ගෙවල් වල දාල දැන් හමුදාව කොටස් වලට කඩ කඩ යනව. ඔබ කියනව යුද්ධෙකට වුනත් සූදානම්ලු. ඔබට තනියම තමයි යුද්ධ කරන්න වෙන්නේ.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

