දඹුල්ල පොලිස් වසමේ කණ්ඩලම මාර්ගයේ සිට දඹුල්ල - මහනුවර ප්රධාන මාර්ගයට වැටෙන අතුරු පාරේ විහාරහංදිය ප්ර දේශයේදි කණ්ඩලම මාර්ගයේ සිට ප්රධාන මාර්ගය දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය අයිනේ සිට පිරිමි පුද්ගලයෙකුගේ හා දරුවෙක් වඩාගෙන සිටි කාන්තාවකගේ ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් පිරිමි පුද්ගලයා හා දරුවා වඩාගෙන සිටි කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ. අවුරුදු 9ක් වන ගැහැණු දරුවා තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
යතුරුපැදිය පැදවූ පුද්ගලයාද තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්රතිකාර ලබයි.