අක්කරපත්තුව සාගම මාර් ගයේ පනංකාඩු පාලම අසළදී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන චදුරකතන රැසැන් කණුවක ගැටී සිදුවූ අනතුරකින් තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තරුණයෙක් තුවාල ලබා ඇතැයි ඇතැයි පොලිසිය පවසයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ තුවාලකරුවන් අක්කරපත්තුව රෝහලට ඇතුලත් කිරීමේදි දෙදෙනෙක් මියගොස් තිබේ.
මරණකරුවන් අවුරුදු 19 හා 24 වන වයස්වල පසුවන විනයාගපුරම් හා තිරික්කෝවිල් ප්ර දේශවල පසිංචිකරුවන් කරුවන් වෙයි. අනෙක් තුවාලකරු වැඩිදුර ප්රථිකාර සඳහා කල්මුණ රෝහලට මාරුකර යවා තිබේ.