යතුරුපැදි 30ක් වෙනුවෙන් නිදහස් ආදායම් බලපත්‍ර
දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් නමින් ලියාපදිංචි යතුරුපැදි 30ක් වෙනුවෙන් අවස්ථා කිහිපයකදි නිදහස් ආදායම් බලපත්‍ර ලබාදිම සම්බන්දයෙන් විශේෂ විමර්ශනයක් කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ගගත යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
නිත්‍යානුකුලව මෙකි යතුරුපැදිවල භෞතික පැවැත්ම තහවුරුකරගැනිමට නොහැකිවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. ආදායම් බලපත්‍ර ලබාගැනිමේ දි දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ හෝ ප්‍රා දේශිය අධිකාරියේ අත්සන සහිතව අදාළ ආකෘතිය මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කොට ගාස්තු නිදහස්කරගැනිම කළයුතුය. එහෙත් මෙම යතුරුපැදිවල අයිතිය සහ භෞතික පැවැත්ම පිළිබද තහවුරුකරගැනිමකින් තොරව නිදහස් ආදායම් බලපත්‍ර ලබාගත්තේ කෙසේද යන්න පිළිබදව විගණනයේ දි තහවුරු වි නොතිබුණි.
මෙකි යතුරුපැදි 2011 සහ 2012 යන වර්ෂයන්හි පළාත් පාලන ආයතනවල හිටපු මහජන නියෝජිතයින් සදහා ලබාදුන් යතුරුපැදි බවට අනාවරණය වි ඇති බව දකුණු පළාත් සභාව විසින් විගණනයට සදහන් කොට ඇත. පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් සදහා මෙම යතුරුපැදි ලබාදිම දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශය විසින් සිදුකොට ඇති බවද පළාත් සභාවේ ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත.
යතුරුපැදිවල වාරික මුදල් අයකිරිම අදාළ පළාත් පාලනආයතන මගින් සිදුකොට ඇති බවත් යතුරුපැදි ලබාදුන් නාම ලේඛනය ලැබි ඇති අතර එම නාම ලේඛනයට අනුව මෙම යතුරුපැදිවල ලියාපදිංචිය 2011 සහ 2012 යන වර්ෂයන්වල බවද දකුණු පළාත් සභාවේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

