රජයේ වැඩපිළිවෙල යටතේ කිව්.ආර් සංකේතයට අනුව ඉන්ධන පිරවුම්හල් වලින් පෙට්රල් හා ඩීසල් ලබාදෙන බව පැවසුවද මනම්පිටිය ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි යතුරුපැදිකරුවන් දෙදෙනෙකු පෙට්රල් නොමැතිකම නිසා ඔවුන් ආ යතුරුපැදි පෝලිමේ නවතා අද (28 දා) උදෑසන පාපැදියකින් ගම්මානය කරා ගමන් කරන අයුරු අප කැමරා කාචයේ මෙලෙස දිස්විය.
මනම්පිටිය මහවැව සිට ඔවුන් දෙදෙනා යතුරුපැදි දෙකකින් මනම්පිටිය ඉන්ධන පිරවුම්හලට යතුරු පැදියේ අවසන් අංකයට අනුව පෙට්රල් ලබාගැනීමට පැමිණියද අද (28දා) මනම්පිටිය ඉන්ධන පිරවුම්හලේ පෙට්රල් නොමැති නිසා, පාපැදියකින් හිස්වැසුම්ද යොදා ඔවුන්ගේ ගමට මනම්පිටිය මඩකලපුව මාර්ගයේ දිගේ ගමන් කළේ මේ අයුරිනි.
මනම්පිටිය නිමල් ජයරත්න
