යුද සමයේදී කොටි ත්‍රස්ත සංවිධානයේ පොලිස් සාමාජිකයෙක්ව සිටි පුද්ගලයෙකු යතුරුපැදි දෙකක් සොරකම් කොට තිබියදී අද (21) දින අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය පවසයි.
වව්නියාව නෙඩුන්කේනි ප්‍රදේශයේදී සහ වව්නියාව නගරයේදී රුපියල් ලක්ෂ 5 කට ආසන්න වටිනා යතුරුපැදි දෙකක් සොරකම් කිරීම සම්බන්ධයෙන් වව්නියාව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් ආරම්භ කරන ලද පරික්ෂණයකට අනුව අදාල සැකකරු මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී නෙඩුන්කේනි ප්‍රදේශයෙන් සොරාගන්නා ලද යතුරුපැදිය මුලතිව් ප්‍රදේශයට සහ වව්නියාවෙන් සොරාගන්නා ලද යතුරුපැදිය මඩු ප්‍රදේශයට විකුණා තිබියදී සොයාගැනීමට පොලිස් නිලධාරීන් සමත් විය.
අදාල සැකකරු හිටපු කොටි පොලිස් සාමාජිකයෙකු වන අතර ඔහු යතුරුපැදි විකුණා එම මුදලින් මත්ද්‍රව්‍ය ගෙන ඇති අතරම සැකකරු දැඩි ලෙසින් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවෙකු බවටද අනාවරනය වී ඇත.
මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අදාල සැකකරු වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදුකරන කොට්ටාශ අපරාද විමර්ශන ඒකකය වැඩිදුරටත් පැවසීය.
