ගිරිඋල්ල පස්යාල මාර්ගයේ මල්ලැහැව ප්රදේශයේදී ඊයේ (6දා) සවස සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලත් සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකාවක වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කිරීමේදී මරණයට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කටුනායක සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයට අනුයුත්කව ගම්පහ අනු කලාපයේ රාජකාරි කළ පල්ලෙවෙල කුකුල්නාපේ පදිංචිව සිටි එච්.ටී. ශ්රියාණි පෙරේරා 34 නැමති අවිවාහක තරුණියකි.
සිවිල් ආරක්ෂක සෙබලිය රාජකාරි අවසන් කර නිවස බලා යතුරු පැදියෙන් එමින් සිටියදී මීරිගම දෙස සිට පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. ලොරියේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාර හරහා දකුණට ඇදී ගොස් ඉදිරියේ ආ යතුරු පැදියේ ගැටී ඇතැයි මූලික පොලිස් පරීක්ෂනවලදී හෙලිවී ඇත. යතුරු පැදිය පොඩි පට්ටම් වී ඇත.
තුවාලකාරිය රෝහල් ගත කිරීම සදහා බොහෝ වේලාවක් ගතවී ඇතැයිද ලොරි රියදුරා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
මීරිගම කාන්ති

