තලවකැලේ නගරයේ කොත්මලේ මාර්ගයේදී පුද්ගලික බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (15දා) සිදු වු අනතුරකින් යතුරු පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලවකැලේ, ලිඳුල, මෙරායා වත්තේ පදිංචිව සිටි නඩරාජ් සෙල්වදොරේ (42) නැමැති අයෙකු බව පොලීසිය සඳහන් කරයි.
අනතුරින් බරපතල තුවාල ලැබු යතුරු පැදිකරු ප්රතිකාර සඳහා ලිඳුල ප්රාදේශීය රෝහලට රැගෙන යමින් සිටියදි මිය ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලීසිය කියයි.
මෙම අනතුර සම්බන්ධයෙන් තලවකැලේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.
ශාන් හුලංනුගේ