යාපනය චාවකච්චේරි පොලිස්වසමේ කොඩිකාමම් මාර්ගයේදී යතුරුපැදියක් සහ කැබ්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (03දා) පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
කොඩිකාමම් සිට යාපනය දක්වා ඇති මාර්ගයේ බැංකු මංසන්ධියේදී කැබ්රථය සහ යතුරුපැදිය ගැටී ඇති අතර එහිදී කැබ් රථය අධික වේගයකින් ධාවනය කොට ඇති බවටත් එහි රියදුරුගේ අපරික්ෂාකාරී රිය පැදිවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයිද පොලීසියට අනාවරනය වී ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු චාවකච්චේරි රෝහලට ඇතුලත් කොට ඇතත් ඒ වනවිටත් ඔහු මියගොස් ඇතැයි රෝහල් වෛද්‍යවරුන් පවසීය.
අනතුරින් මිය ගොස් ඇත්තේ කොඩිකාමම් කච්චායි ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි යෝගේස්වරන් නිලන්තන් නැමත්තෙකු වන අතර කැබ්රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවට පරික්ෂණ සිදුකරන චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

