ත්‍රිකුණාමලය නුවර ප්‍රධාන මාර්ගයේ ගල්මැටියාව අනූඅට පෙදෙසේදී ඊයේ (21) රාත්‍රි සිදුවු කැබ්රථ හා යතුරුපැදි අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනාම මියගිය බව තඹලගමුව පොලිසිය කියයි.
යතුරුපැදිය ත්‍රිකුණාමලයේ සිට කන්තලේ දෙසට ගමන් කරද්දී ඊට ප්‍රති විරුද්ධ දිසාවෙන් නියමිත මංතිරුවේ පැමිණි කැබ්රයේ වැදී ඇත්තේ යතුරු පැදිය දකුණු පස අතුරු මාර්ගයට හැරවීමට යෑම නිසා බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තඹලගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හඳපාන්ගොඩ ප්‍රියන්ත මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ ඇරඹීය.
මෙලෙස මියගොස් තිබුණේ ත්‍රිකුණාමලය සෝභිතගම පදිංචි විජේවීර ගුණරත්න මහා විධාන මුහන්දිරන්ලාගේ චන්ද්‍රසිරි (60) අය හා තඹලගමුව ගල්මැටියාව පදිංචි වෑවල හේරත් මුදියන්සේලාගේ පොල්වත්තේ ගෙදර චන්ද්‍රසේකර (59) නැමැති අයවලුන්ය.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ දෙදෙනා තඹලගමුව, කෝවිල්අඩි රජයේ රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් තිබිණැයි පොලිසිය කියයි. අ
නතුරෙන් කැබ් රථයටද බරපතල හානි සිදුවී ඇති අතර එම කැබ් රථය මූතුර් කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් එකක් වන බව පොලිසිය සඳහන් කළේය. අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තඹලගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි .
