යාපනය සංගුපිඩ්ඩි පාලම අසලදී ඊයේ (27දා) රාත්රියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් අනතුරට ලක්වීම හේතුවෙන් එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තවත් අයෙකු බරතල තුවාල ලබා ඇති බවට යාපනය පුනරීන් පොලීසිය පැවසීය.
අදාල පොලිස් නිලධාරීන් දෙදෙනා පුනරීන් පොලීසියේ සිට යාපනය ප්රදේශයේ රාජකාරි කටයුත්තක් සඳහා ගොස් ආපසු එමින් සිටියදී සංගුපිඩ්ඩි පාලම අසලදී යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිව යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන මාර්ග බාධකයක ගැටීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනාම විසිවී ගොස් ඇති බවට අනාවරණය වී ඇත.
පොලිස් නිලධාරීන් දෙදෙනා ගමන්ගත් පුනරීන් හා යාපනය ප්රධාන මාර්ගය මුහුදුබඩ මාර්ගයක් වන බැවින් මාර්ගය දෙපස ගල් අසුරා තිබීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා ගල්මතට වැටී බරපතල තුවාල ලැබීමෙන් එක් අයෙකු එම ස්ථානයේම මිය ගොස් ඇති අතර අනෙක් පොලිස් නිලධාරියා රෝහල්ගත කොට ඇත.
එහිදී මිය ගොස් ඇත්තේ පුනරීන් පොලිස් ස්ථානයේ සේවය කරන ලද 24 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙකු වූ 96618 කනකරත්නම් හරිහරන් නැමත්තා වන අතර අනෙක් පොලිස් නිලධාරියා බරපතල තත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන බවටද පරික්ෂණ සිදුකරන පුනරීන් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

