වැලිකඩ පොලිස් වසමේ අඹගහ හන්දිය රාජගිරිය අතර මාර්ගයේ කලපළුවාව ප්රදේශයේදී 2026.07.25 දින අළුයම රාජගිරිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් යතුරුපැදියේ ගමන් කල පිරිමි දරුවෙකු ඉදිරියට විසි වී ගොස් ප්රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි කාර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ කුඩා පිරිමි දරුවා IDH රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මියගිය පිරිමි දරුවා අවුරුදු 04 ක් පමණ වූ මීගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි. කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිකඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.