පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ චේතනාවෙන් පැදවූ ලොරිය යතුරුපැදියක හප්පා බරපතළ තුවාල සිදුකර පලාගොස් සැඟවී සිටි ව්‍යාපාරිකයෙකු දින පහකට පසු හොරණ වගවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලීසිය පවසයි.
සැකකරු පැදවූ ලොරිය මිල්ලනිය මානාන ප්‍රදේශයේ සඟවා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබු එක් පුද්ගලයකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි
තුවාල ලද පුද්ගලයන් සහ සැකකරු අබලි ද්‍රව්‍ය මිලදී ගැනීමේ ව්‍යාපාරවල නිරත වන අතර ව්‍යාපාරික ආරවුලක් මුල් කරගෙන සැකකරු ඔහු පැදවූ ලොරි රථය හොරණ උඩවත්ත ප්‍රදේශයේදී නවතාගෙන සිටි යතුරුපැදියේ පසුපස හප්පා මෙම අනතුර සිදු කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ලොරිය යතුරුපැදියේ ගැටීමෙන් එහි පසුපස ගමන් ගත් හොරණ ඇල්ල කන්ද ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයා බරපතල තුවාල ලැබීම හේතුවෙන් ඔහු මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ දී ශල්‍ය කර්ම කීපයකටද ලක් කර ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලද අනෙක් පුද්ගලයා විසි එක් හැවිරිදි වියේ පසුවන්නෙකි. සැකකරු හතළිස් හැවිරිදි හොරණ ඉළිඹ පදිංචිකරුවෙකි
මිනීමැරීමේ චෝදනාව යටතේ සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.