වව්නියාව සෙට්ටිකුලම් ප්රදේශයේදී දුම්රිය මාර්ගය හරහා යතුරුපැදියක් ධාවනය කිරීමට ඊයේ (04දා) උත්සහ කිරීමේදී යතුරුපැදිය දුම්රියේ ගැටීමෙන් යතුරපැදිකරු මියගොස් ඇතැයි සෙට්ටිකුලම් පොලීසිය පවසයි.
කොළඹ සිට තලෙයිමන්නාරම දක්වා ධාවනය වූ සීග්රගාමී දුම්රිය සෙට්ටිකුලම් ප්රදේශයේ ධාවනය වෙමින් තිබියදී අතුරු මාර්ගයකින් අදාල යතුරුපැදිය දැමීමට උත්සහ ගැනීමේදී මෙම අනතුර සිදුව ඇති බවටත් අදාල ස්ථානයේ දුම්රිය ආරක්ෂිත ගෙට්ටුවක් හෝ සංඥා පුවරුවක්ද නොමැති බවටද ප්රදේශවාසීන් පැවසූහ.
දුම්රියේ ගැටීමෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සෙට්ටිකුලම් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතනෙතුරින් මියගොස් ඇත්තේ සෙට්ටිකුලම් කාන්තිනගර් ප්රදේශයේ පදිංචි රුක්ෂාන් නැමති 33 හැවිරිදි අයෙකු බවට පරික්සණ සිදුකරන සෙට්ටිකුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.