සංගීත සංදර්ශනයක් බලා ආපසු එමින් සිටි එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු ගමන් ගත් යතුරුපැදිය පාරෙන් ඉවතට පැන ගසක හැපීමෙන් අද (13දා) අලුයම සිදුවූ අනතුරින් මල්ලී (21) මරණයට පත්ව ,අයියා (23) තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති බව කොටවෙහෙර පොලීසිය පවසයි .
කොටවෙහෙර දිගන්නෑව ප්රදේශයේදී අලුයම 4. 30 ට පමණ යතුරුපැදිය අනතුරට ලක්ව ඇති බවද , මීවැල්ලෑව පාලුඋස්වැව ප්රදේශයේ පදිංචි පී.කේ.නිමේස් සංසල ප්රනාන්දු (21) මල්ලී මියගොස් ඇති බවද ,පී.කේ. ශාමික රවිශාන් ප්රනාන්දු (23) අයියා තුවාල ලබා නිකවැරටිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බවද පොලීසිය සඳහන් කරයි .
පෙර දින රාත්රියේ ආණමඩුව ප්රදේශයේ පැවති සංගීත සංදර්ශනක් නරඹා අයියා මලෝ ආපසු නිවසට යමින් සිටියදී , යතුරු පැදිය පාරෙන් පැන පාර අද්දර තිබු ගසක හැපීමෙන් අනතුර සිදුව ඇති බවද , පසුව අසල්වාසීන් විසින් අනතුරට පත්.සොයුරන් දෙදෙනා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කරන විටද මල්ලී මියගොස් සිටි බවද ,අයියා ප්රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බවද ,පොලීසිය සඳහන් කරයි .
මියගිය තරුණයා ගේ සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය ,අඅධිකරණ නියෝග මත නිකවැරටිය මූලික රෝහලේදී හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා ඉදිරියේ සිදු කිරීමට නියමිතව තිබුණි .
කොටවෙහෙර පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.
නිකවැරටිය ප්රියානි මංගලිකා