තම රට කිසිසේත්ම කොන්දේසි විරහිතව යටත් නොවන බව ඉරාන ජනපති මෙන්ම ඉරාන අන්තර්කාලීන නායකත්ව කවුන්සිලයේ සාමාජිකයෙක් වන පෙසෙෂ්කියන් පවසයි.ඔහු පවසන්නේ ඉරානය "අවසානය දක්වා සටන් කරන" බවයි.
ඒ සමඟම, මෑත දිනවල ඉරානය ආශ්රිත රටවල් ඉලක්ක කරගත් ප්‍රහාර සම්බන්ධයෙන් ඔහු සමාව අයැද සිටියේය. ඉරානයට එල්ල වන ප්‍රහාර අසල්වැසි රටවලින් ආරම්භ නොවන්නේ නම් අසල්වැසි රාජ්‍යයන් ඉලක්ක කර ගැනීම නවත්වන ලෙස කවුන්සිලය සන්නද්ධ හමුදාවන්ට නියෝග කර ඇති බව ඔහු පැවසීය.
