යුගදනවි කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ
යුගදනවි තාප විදුලි බලාගාරය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට ජනපති,අගමැති ප්‍රධානත්වයෙන් ඊයේ (28දා) පස්වරුවේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන පක්ෂ නායක හමුවේ දී එකඟතාව පළවිය.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී පැවති හමුවේ දී මේ සම්බන්ධ කරුණු සාකච්ඡාවට ලක් කෙරිණි.
මෙයට අමතරව කොවිඩ්-19 වසංගතයේ සහ ගුරු-විදුහල්පති වැටුප් ගැටලුවේ වර්තමාන තත්ත්වය, කොවිඩ් -19 හමුවේ සංචාරක ව්‍යාපාරය මුහුණපාන ගැටලු, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බටහිර හා නැගෙනහිර ජැටි සංවර්ධනය, රජයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය, බඩු මිල හා කාබනික කෘෂි වගාව සහ පොහොර සම්බන්ධව ද පක්ෂ නායකයන්ගේ අවධානය යොමු විය.
මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අමාත්‍යවරුන්වන බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩග්ලස් දේවානන්දා, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, නාමල් රාජපක්ෂ මහත්වරු සහ රාජ්‍ය අමාත්‍යවරුන්වන දයාසිරි ජයසේකර, ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සාගර කාරියවසම්, මහාචාර්ය තිස්ස විතාරණ, ඒ.එල්.එම් අතාවුල්ලා, ටිරාන් අලස්, වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග මහත්වරු ඇතුළු පක්ෂ නියෝජිතයෝ පැමිණ සිටියහ.











popular news
- 
                            
Gul Siri Friday, 29 October 2021 11:42 AM
This meeting is of FAMILY-ORINTED which that how to give US company Gas line by MR GR BR and his son Namaral R . This not meeting of a UNITED FRONT ,it is family gathering.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                