කකහතුඩුව දියගම පාරේ යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක කෝවෙන් යකඩ දියර පිටතට විසිවී ඉන්දියන් ජාතික පුද්ගලයන් හත් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි කහතුඩුව පොලිසිය සඳහන් කරයි.
තුවාල ලැබූවන් අතර වැඩ පරීක්ෂකවරයකු මෙන්ම සාමාන්‍ය සේවකයන් හය දෙනෙකු ද වන බව පොලිසිය කියයි
කෝව තුලට කඩ හතරෙන් තුනක් පමණ දමා එය සෙන්ටිග්‍රේට් අංශක 1400 දක්වා උනු වෙද්දි
තුවාල ලද සේවකයින් කෝව තුලට පිටත සිට නැවතත් යකඩ දැමීමේදී අධික ලෙස ගිනියම් ව තිබූ යකඩ වතුර අනාරක්ෂිත ආකාරයෙන් පිටතට විසිවී මෙම අනතුර වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
තුවාල ලැබූවන් සියලුම දෙනා වෑතර දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
යකඩ දියර ඇඟ මතට පතිත වීමෙන් තුවාල ලැබූවන් ගේ හිස සහ මුහුණ හැරෙන්නට ශරීරයේ සෑම ස්ථානයක්ම අධික ලෙස පිළිස්සී තිබූ බව රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
ගල්කිස්ස අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.