යකඩ එකතු කරන තැනක පිපිරීමකින් අයෙක් මරුට
අවිස්සාවේල්ල මාදොල ප්‍රදේශයේ යකඩ බඩු එකතු කරන ස්ථානයක අද (06) දහවල් සිදුවූ පිපිරීමකින් එහි සේවකයකු මියගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ 49 හැවිරිදි මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.
06 දා දහවල් යකඩ බඩු එකතු කරන ස්ථානයේ තිබූ භාණ්ඩ තොගයක් තවත් පුද්ගලයෙකු සමග කොටස් කරමින් සිටියදී එක් වරම අබලි ද්‍රව්‍ය අතරින් සිදු වූ පිපිරීමකින් මෙම පුද්ගලයා තුවාල ලබා තිබේ.
අනතුරින් බරපතල තත්ත්වයේ පසුවූ මෙම පුද්ගලයා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙසේ මියගොස් ඇති බව පොලිසිය කියයි.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය දී නොමැති අතර සිද්ධියෙන් අනතුරුව අවිස්සාවේල්ල අපරාධ ස්ථාන පරීක්ෂණායතන නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවල්ල පොලිසිය පරීක්ෂණ පවත්වති.
මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
