මේ වසරේදී හෙරොයින් කිලෝ 520ක් අත්අඩංගුවට
2018 වසර තුළදී හෙරොයින්732 හා ග්‍රෑම් 129ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, හෙරොයින් සමග සැකකරුවන් හතළිස්දහස් නවසියඅනූඅට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
එසේම මෙම වසරේ (2019) ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (24දා) වැනිදා උදෑසන දක්වා කාලය වනවිට හෙරොයින් කිලෝ 520 හා ග්‍රෑම් 762 අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, එම හෙරොයින් සමග සැකකරුවන් හයදහස් හයසිය පනස්එක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

popular news
-
Champa Monday, 25 February 2019 12:13 PM
මේ අවුරුද්දේ කිව්වා? මේ මාස දෙකට කියලා කිව්වා නම් තමා හොඳ. දැන් ඔව්ව ගෙනාවේ කොයි අවුරුද්දේද දන්නේ නැහැ නේද? හොඳටම ෂුවර් නේද ඔය අල්ලන්නේ අලුතෙන් කියල? කලින් ගොඩ ගහල තිබ්බ ඒවා නෙමෙයි නේද? ඒ මොකොද කිව්වා නම් ඔන්න විශාලතම හෙරොයින් තොගය ඇල්ලුවා කියන කතාව දැන් පස් සැරයක් විතර අහල තියෙන නිසා. අනිත් එක මේ තරම් විශාල ලෙස මත්ද්‍රවය රටට ආවේ කොහොමද? කවදද? අල්ලන්න ඇල්ලිල්ල චුට්ටක් විතර අස්වාභාවිකයි. එක පාරට නිකම් ඇස පිය ගහන සැනින් ලොකුම හෙරොයින් තොග අල්ලන හැටි නිකම් මැජික් වගේ නේද? අනිත් එක මත්ද්‍රව්‍ය එන තැන් වහන්නැතුව අල්ල අල්ල යන එකෙන් වැඩක් වෙයිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

