නල්ලතන්නියේ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ත්රීරෝද රථයක් නල්ලතන්නිය මස්කෙළිය ප්රධාන මාර්ගයේ මෝහිණි ඇල්ල අසළදී ප්රපාතයට පෙරලීමෙන් එම ත්රීරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී පාසල් ළමුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා මස්කෙළිය ප්රාදේශීය රෝහල වෙත ඇතුලත් කල බව නල්ලතන්නි පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.
(22) දින උදෑසන 8:15ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර, අධික වේගයෙන් ධාවනය වූ ත්රීරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදි ප්රපාතයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබද පරික්ෂන පවත්වන නල්ලතන්නිය පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ ත්රීරෝද රථයේ රියදුරා සහ ත්රීරෝද රථයේ ගමන් ගත් වැඩිහිටියෙකු බවත්, ත්රීරෝද රථය අනතුර පත් වන අවස්ථාවේ ත්රීරෝද රථය තුල පස් දෙනෙකු ගමන් කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.


