මෝදර චතුත් ගෙන එයි
ඕමානයේ සැගවී සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කංකානමගේ දිමුතු චතුරංග පෙරේරා නොහොත් මෝදර චතූ නොහොත් සමිට්පුර චතූ නැමති අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ඕමානයේ දී අත්අඩංගුවට ගෙන , 08/18 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ .
කොළඹ - 15 , මෝදර , සමිට්පුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දිමුතු චතුරංග පෙරේරා 2025.03.22 දින ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන මෙර්ටින් ඕමානය වෙත පළා ගොස් තිබේ .
ගනේමුල්ල සංජීව ඝාතනයේ එක් සැකකරුවෙකු ද වන මොහු මීට අමතරව මෙරට තුළ සිදු කළ අපරාධ රැසක විමර්ශන කටයුතු සදහා අත්‍යාවශ්‍යව සිටි පුද්ගයෙකි .
මොහු 08/18 දින අලුයම 04.53 ට ඕමානයේ මස්කට් නුවර සිට , සලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
මොහු පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත දැඩි ආරක්ෂක ව්ධිවිධාන මධ්‍යයයේ 08/18 දින උදෑසන 08.20 ට පමණ රැගෙන ගියේය .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
