පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයකු පැද වූ සුඛෝපභෝගී මෝටර් රථය අද (9දා) අළුයම හෝමාගම මාකුඹුරේ දී යතුරුපැදියක ගැටීමෙන් එහි ගමන් ගමන්ගත් අඹුසැමි යුවළ බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව හෝමාගම පොලිසිය පවසයි.
රත්නපුර දෙස සිට කොළඹට කොළඹ දෙසට ගමන් ගත් සුඛෝපභෝගි මෝටර් රථය මාකුඹුර ප්රදේශයේ දී මාර්ගය ප්රතිවිරුද්ධ දිසාවට ගොස් හෝමාගම දෙසට ධාවනය වෙමින් තිබූ අඹු සැමි යුවළ රැගත් යතුරු පපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
මෝටර් රථය යතුරු පැදිය ගැටීමත් සමඟම අඹුසැමි යුවළ උඩින් විසිවී ගොස් මාර්ගයේ වැටී ඇතැයි පොලිසිය කියයි.
බරපතළ තුවාල ලැබූ අඹුසැමි යුවළ1990 සුවසැරිය ගිලන් රථයෙන් හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
මෝටර් රථය පැදවූ පරිගණක මෘදුකාංග ඉංජිනේරු වරයා අනතුර වීමට පෙර නිදිමත දැනීම හේතුවෙන් පනාගොඩ යුද හමුදා කදවුර ආසන්නයේ සුළු මොහොතක් මෝටර් රථය නවතාගෙන යළි පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරින් පසු මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට ගොස් නතර වී තිබූ බව පොලිසිය කියයි.පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.
හෝමාගම පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්රමරත්න මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

