දෙහිඅත්තකන්ඩිය මහියංගණය ප්රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද (03) උදෑසන හොබරියාව ශ්රී ගුණරතනාරාම විහාරස්ථානය ඉදිරිපිට දී මාර්ගයෙන් ඉවතට පැන පදික වේදිකාවට කඩා වැදීමෙන් එහි සිටි පෙර පාසල් දරුවන් හතර දෙනකු ඇතුළු හත් දෙනකු තුවාල ලබා ගිරාදුරු කෝට්ටේ රෝහල වෙත ඇතුළත් කළ බව ගිරාදුරු කෝට්ටේ පොලිසිය පැවසීය.
මහියංගණයේ සිට දෙහිඅත්තකණ්ඩිය දෙසට ගමන් ගත් මෝටර් රථයක් මෙසේ අනතුරට ලක්වී තිබේ.
පෙර පාසල් දරුවන් හතර දෙනකු ආබාධිත පුද්ගලයකු කාන්තාවක් සහ තවත් පිරිමි අයෙකුද මෙම අනතුරින් බරපතල තුවාල ලබා ඇතැයිද පොලිසිය පැවසීය.
රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි. රෝහල් කරා තුවාලකරුවන් රැගෙන යන අවස්ථාවේදී ඉන් කිහිප දෙනෙකු සිහිසුන්ව සිටි බවද පොලිසිය පැවසීය. ගිරාඳුරුකෝට්ටේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර