බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ කිඳෙල්පිටිය ප්රදේශයේදී මෝටර් රථයක් මතට විශාල පිහිඹියා ගසක් කඩාවැටීමෙන් එම මෝටර් රථයට බරපතල අලාභ සිදු වී ඇත.
අනතුර වන අවස්ථාවේදී එහි රියැදුරු පමණක් සිට ඇති අතර ඔහුට කිසිදු අනතුරක් වී නැත,මෝටර් රථයේ වම් පස ඉදිරිපස අසුනේ කිසිවකු හෝ ගමන් කළේ නම් ඔහුට අනතුරක් වීමට බොහෝ දුරට ඉඩ තිබූ බව ප්රදේශවාසීහු පැවසූහ.
එම අවස්ථාවේදී මෝටර් රථය බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට ධාවනය වෙමින් තිබී ඇත.
මේ හේතුවෙන් අද උදෑසන කැස්බෑව දෙසට ගමන් ගන්නා වාහන පැය භාගයකට ආසන්න කාලයක් එම මාර්ගයේ ධාවනය වීමට නොහැකි විය.
ප්රදේශවාසීන් වහා ක්රියාත්මක වී ගසේ අතු කපා මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කිරීමට පියවර ගත්හ.
මේ හේතුවෙන් කිලෝ මීටර්යකට ආසන්න දැඩි රථ වාහන තදබදයක් ඇති විය.


