කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ මාදොළ ප්‍රදේශයේදි මෝටර් රථයක් වෙිි ගඟට පෙරළීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයෙකු අද (25දා) මියගොස් ඇතැයි පොලිසිය පැවසීය.
පහළ රජ විිදිය ,බදුල්ල ලිපිනයේ පදිංචිව සිටි හේමචන්ද්‍ර වික්‍රමරත්න නැමැති 75 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇත. මොහු විසින් මෝටර් රථය පදවා තිබෙන අතර ඊයේ (24දා) පස්වරුවෙි බලන්ගොඩ මාදොළ ප්‍රදේශයේදි මෝටර් රථය වෙිි ගඟට පෙරලීම හේතුවෙන් ඔහු බරපතල තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කෙරිණි. එහිදී වැඩිදුර ප්‍රතිකාර සදහා රත්නපුර මහා රෝහලට යවා තිබුන අතර නැවත බලන්ගොඩ මුලික රෝහලට එවිමෙන් පසු එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබෙි.
රාස්සගල සමිපත් ප්‍රියනන්දන