මෝටර් රථය ගසක හැපීමෙන් එකම පවුලේ 03ක් මරුට
කාන්තාවක් පැදවූ මෝටර් රථයක් කුරුණෑගල මාර්ගයේ ඇල්ල ප්රදේශයේදී අද (17) පෙරවරු 11.30 ට පමණ මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් සිදුවූ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මිය ගොස් ඇති බව නාගොල්ලාගම පොලීසිය පවසයි.
අනතුරට පත් මෝටර් රථය පදවා ඇති කාන්තාවගේ සැමියා වන සුනන්ද වර්ණකුලසූරිය නමැති අය සමඟ ඔවුන්ගේ පස් හැවිරිදි එකම පුතු සහ ඇගේ මව වන එම්.එම්.ලීලාවතී යන තිදෙනා අනතුරෙන් මරණයට පත්ව සිටිති. අනතුර සිදුවූ ස්ථානයේදීම ඔවුන් තිදෙනාම මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මෝටර් රථය පැදවූ බව කියන අනුරාධපුර නීති නිලධාරිනිය ලෙස කටයුතු කරමින් සිටින චන්දිමා වර්ණකුලසූරිය මහත්මිය සහ ඇගේ ඥාතියෙකුද අනතුරෙන් බරපතළ තුවාල ලබා වැඩිදුර ප්රතිකාර සඳහා වාරියපොළ දිසා රෝහලේ සිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටියි.රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටින මොවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
අනතුරට පත් පිරිස අනුරාධපුර ගුවන් තොටුපළ අසල පිහිටි ඉසුරුපුර ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් උදෑසන අනුරාධපුර සිට කුරුණෑගල හරහා කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත. අනතුරෙන් මෝටර් රථයේ ඉදිරිපස කොටසට දැඩි හානි සිදුව ඇති අතර, රථයේ වායු බැලූනය ක්රියාත්මක වීම හේතුවෙන් රථය පැදවූ කාන්තාවට තුවාල සිදුවී ඇති බවද කියයි.අනතුර වන අවස්ථාවේදී මෝටර් රථයේ ඉදිරිපස අනෙක් අසුනේ රිය පැදවූ කාන්තාවගේ සැමියා සිට ඇති බවද කියයි.
නින්ද යාම හේතුවෙන් හෝ වේගය පාලනය කර ගත නොහැකිව මෝටර් රථය පාලනයෙන් මිදී මාර්ගයෙන් ලිස්සා ගොස් ඉවතට පැන අනතුරට ලක් වන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
නාගොල්ලාගම පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුමාර මහතාගේ මෙහෙයවීමෙන් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
ගීතාංජලී ප්රියදර්ශනී

popular news
-
Kumar Monday, 17 October 2022 03:58 PM
If these people were wearing their seat belts, they would have been alive today. Wearing a seat belt is not a weakness. We wear seat belts whenever we travel by a passenger vehicle. Clunk click every trip as they say in Britain.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

