මෝටර් රථයකින් කාන්තාවක් පැහැරගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් සමග එම මෝටර් රථයද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. දික්වැල්ල ප්‍ර දේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකට යමින් සිටි කාන්තාවක් මෙසේ පැහැරගෙන ඇත්තේ වලස්මුල්ලේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
ඔවුන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කර බද්දේගම නගරයට පැමිණිවිට මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. තියුණු ආයුධයක් ගෙන පසපස අසුනේ සිටි සැකකරු කාන්තාව බලහත්කාරයෙන් රඳවාගෙන දබර කරමින් සිටි බව පොලීිය පවසයි.
මෙහිදී පොලිස් නිලධාරීන් විසින් අහසට වෙඩි තැබීමක්ද සිදුකර තිබේ. අනියම් සබඳතාවක් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවට විමර්ශනවලදී අණාවරණය වි තිබේ.
කාන්තාව මෙන්ම සැකකරු කැපුම් තුවාල හේතුවෙන් ප්‍රථිකාර සඳහා බද්දේගම රෝහලට ඇතුළත් කර තිබේ.