නුගේගොඩ සති පොල ආසන්නයේ ගරාජයක අලුත්වැඩියාවක් සඳහා ගාල්කර තිබූ රුපියල් ලක්ෂ හැටකට ආසන්න වටිනාකමින් යුත් මෝටර් රථයක් සොරාගත් පුද්ගලයෙකු අද (03දා) අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි (40) පුද්ගලයකු බව පොලිසිය කියයි.
කොහුවල ප්රදේශයේ පදිංචි සංචාරක ක්ෂේත්රයේ නියැලෙන්නෙකුට අයත් මෝටර් රථයක අලුත්වැඩියා කටයුත්තක් සඳහා මීට මාසයකට පමණ පෙර නුගේගොඩ පොළ ආසන්නයේ පිහිටි ගරාජයකට භාර දී තිබේ.
අළුත්වැඩියාව සිදු වෙමින් තිබියදී මීට දින දහයකට පමණ පෙර මෝටර් රථයේ යතුර අස්ථානගත වී තිබු අතර පසුව මෝටර් රථය ද කිසියම් පුද්ගලයකු විසින් සොරාගෙන ගොස් තිබුණි .
මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ පොලීසිය නිරන්තරෙන් ගරාජයට පැමිණෙන පුද්ගලයින් සිව් දෙනෙකු පිළිබඳ ව සැක සිති ඉන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී සොරා ගත් මෝටර් රථය නුගේගොඩ ගම්සභා හන්දියේ පිහිටි මෝටර් රථ අමතර කොටස් ආයතනයක සගවා තිබියදී පොලිස් භාරයට ගැනීමට හැකි වූ බව පැවසේ.
සැකකරු එම ස්ථානයේ සේවකයෙකු බවද පොලිසිය කියයි .
මෝටර් රථය සොයා ගන්නා අවස්ථාවේදී එහි කොටස් සියල්ල ගලවා මාලිගාවත්ත ප්රදේශයේ පිහිටි මෝටර් රථ අමතර කොටස් අළෙවි සැළකට විකිණීමට සැලසුම් කර තිබූ බව පොලිසිය කියයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
මත්තේගොඩ ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න
