යාපනය අල්ලෙයිපිඩ්ඩි ප්රධාන මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් ඊයේ (01දා) සවස අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට කයිට්ස් පොලීසිය පවසයි.
කාර් රථය යාපනය සිට අල්ලෙයිපිඩ්ඩි දක්වා ධාවනය වී ඇති අතර එහිදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල වෙල්යායකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි අනාවරණය වී ඇත.
අනතුරින් එහි ගමන්ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා කයිට්ස් මූලික රෝහල වෙතට ඇතුලත් කොට ඇති අතර තුවාල ලැබූවන් යාපනයේ පදිංචිකරුවන් බවටද වැඩිදුර පරික්ෂණ සිදුකරන කයිට්ස් පොලීසිය පැවසීය.