උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයයේ දී ඊයේ (30දා) රාත්‍රි මෝටර් ට්‍රොලියක් පිලීපැනීමට ලක්වීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලන මැදිරිය පවසයි.
දෙමෝදර සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරින් පිරිසක් ගමන් ගත් මෝටර් ට්‍රොලියක් මෙලෙස පිලීපැනීමට ලක්ව ඇත.
මේනිසාවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1007 දරන විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයේත්, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 රාත්‍රි තැපැල් දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේත් දැනට නවතා තිබූ බව දුම්රිය පාලන මැදිරිය සදහන් කලේය .
පිලීපැනීමට ලක්ව ඇති මෝටර් ට්‍රොලිය පිළීගත කිරිම සදහා බදුල්ල දුම්රිය ස්ථානයේ සිට දුම්රිය සේවකයන් රැගත් දුම්රිය ආපදා රථයක් පිටත් වී ගොස් ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය .
ප්‍රසාද් රුක්මාල්