දඹුල්ල මාතලේ ප්රධාන මාර්ගයේ කපුවත්ත ප්රදේශයේදී අද (11දා) මෝටර් ගේඩරයක් සහ යතුරු පැදියක් අනතුරට ලක්වීමෙන් යතුරු පැදියේ ගමන් කරමින් සිටී ගුවන් හමුදා භටයකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ එන්.ජි . ලක්ෂ්මන් සජිත් සේනාරත්න (37) ඉහකුලු වැව ,දියබෙදුම ලිපිනයේ පදිංචි දෙදරු පියෙකි .
දඹුල්ල-මාතලේ ප්රධාන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතිද්දී මාර්ගයේ එක් පසෙකින් වාහන ගමන් කිරීම් සඳහා දඹුල්ල දෙසින් පැමිණෙන වාහන කම්කරුවෙකු විසින් නවතන අවස්ථාවේදී , නවතා තිබු යතුරු පැදිය පිටුපසින් පැමිණි මාර්ගයේ වැඩ කරමින් තිබූ මෝටර් ගේඩරය නොහොත් පස් කපන යන්ත්රය යතුරු පැදිකරු යට කරගෙකර ගෙන ගොස් ඇතැයි පරීක්ෂණ පවත්වන දඹුල්ල පොලිසිය කියයි.
එම ස්ථානයෙහි තුවාල ලැබූ යතුරු පැදිකරු දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබුණු බව රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේය
අනතුරෙන් පසුව මෝටර් ගේඩර යන්ත්රය සහ එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මිය ගිය යතුරු යතුරු පැදිකරුගේ දේහය පරික්ෂණ සඳහා දඹුල්ල රෝහලේ තැන්පත් කොට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩ වැඩිදුර පරීක්ෂණ පවත්වති.



