"මේ රට ගොඩ නගන්න බාර දෙනවා කියලා ජනතාව කියනවා. නමුත් පෞද්ගලිකව මට පමණක් මේ රට ගොඩ නගන්න බෑ. ඒ සඳහා ඉන්ද්‍රජාලිකයෙක් නෙමෙයි මා හිතූ හිතූ දේ මවන්න. මම ආසියාවේ හොදම මොළයත් නෙමෙයි. මොළ හතකුත් මට නෑ. ඒ නිසා තනි පුද්ගලයකුට මේ රට ගොඩ නගන්න බෑ. ඒ නිසා සාමූහිකව විතරයි අපිටමේ රට ගොඩ නගන්න පුලුවන් වෙන්නේ" යැයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය .
අනුර කුමාර දිසානායක මහතා එසේ ප්‍රකාශ කළේ පොලොන්නරුව පුලසිති බුද්ධි මණ්ඩපයේ පැවැති ජනහමුවක් අමතමනි.
" මගේ දක්ෂතාවනුත් තියෙනවා. දුබල තැනුත් තියෙනවා. ඒ නිසා හැමෝගෙමදක්ෂාවනුත් තියෙනවා. දුබල තැනුත් තියෙනවා. ඒ නිසා තමයි අපි හැමෝම එකතු උනොත් අපි හැමදෙනාගේම දක්ෂතාවන් හා දැනුම උපයෝගී කරගෙන මේ රට ගොඩ නගන බලවේගයක් නිර්මාණය කල යුතුයි. ඒ අන් කවරකුත් නෙමෙයි ඒ ජාතික ජන බලවේගය පමණයි.
අපේ රටේ යුද්ධයෙන් පස්සෙ මේ රටේ ජාතීන් අතර යුද්ධයක් බලාපොරොත්තු උනේ නෑ.යුද්ධයෙන් පස්සෙ මේ රටේ ජනතාව බලාපොරොත්තු උනේ සිංහල, මුස්ලිම්,දෙමළ මැලේ ජාතීන් අතර සමගියෙන් පිරුණු රටක්.
යුද්දෙන් බැට කෑ අපිත් යුද්දෙ වෙනුවෙන් කැපවීම් කල ඔබත් අපි කිසි දායක ආයෙ උතුරෙ යුද්ධයක් සන්නද්ධ බලවේගයක් නැවත ගොඩ නැගෙන්නෙ නෑ. නමුත් යම් පිරිස් නැවත ත්රස්තවාදීන් කොටින් නැවත යලි නැගිටීයී කියලා ප්රවෘත්ති හදන්න සමහර අය උත්සාහ කලා.
ජාතිය හා ආගම අනතුරේ කියලා පාලකයින් ජාතිවාදය ඇවිස්සුවා.ඒ තුල තමයි පාස්කු ප්‍රහාරය එල්ල වුනේ.මේ ප්‍රහාරය තුල බුද්ධි අංශයේ නිළධාරීන්ට ඇගිල්ල දික්වෙලා තියෙනවා.ඒ නිසා නිවැරදි පරීක්ෂණයක් කරලා මේ ප්‍රහාරයට සම්බන්ධ අය අනාවරණය කරගත යුතුයි.
ඒ වගේම මේ පාස්කු ප්‍රහාරය වලක්වාගන්න අසමත්වූ අය සම්බන්ධයෙන් නිවැරදි පරීක්ෂණයක් කරලා හෙළි කල යුතුයි.මේ පාස්කු ප්‍රහාරය කාලයේ වැලි තලාවෙන් වැහිලා යන්න ඉඩ නොදිය යුතුයි.පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අයත් එය වලක්වා ගැනීමට කටයුතු නොකල අයත් දෙගොල්ලොම ආන්ඩුවේ ඉන්නෙ.මේ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ලෙස නිසි ලෙස අනාවරණය කරන කල් ජාතික ආරක්ෂාව අනාරක්ෂිතයි.
ජනතාව අපි වෙනුවෙන් තැබූ විශ්වාසය අබ මල් රේණුවකින් වත් කඩ වෙන්නෙ නැතිව කටයුතු කරන බව අපි ඔබට සහතික වෙනවා. රටක් දුප්පත් නම් රටේ නීතිය බිද වැටිලා,සෞඛ්‍ය බිද වැටිලා ,අධ්‍යාපනය බිද වැටිලා.ඒ නිසා ජාතික ජන බලවේගයේ රජයක් තුල මේ රට අපි පෝසත් රටක් බවට පත් කරනවා.
ඒ නිසා රට පෝසත් වෙලා වැඩක් නෑ රටේ ජනතාවත් පොහොසත් කල යුතු වෙනවා.ඒ නිසා අපි අවුරුදු කිහිපයක් තුල මේ රට ලෝකයේ පොහොසත් රටක් පොහොසත් ජනතාවක් ඉන්න රටක් බවට පත් කරනවා.ඉදිරි මාස කිහිපය ඇතුලත ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමට කටයූතු සැලසුම් සකස් කරලා තියෙනවා.
රක්ෂණ සංස්ථාව, ගලදාරි හොටලය, ලිට් රෝ ගෑස් සමාගම, වෝටර්ස් එජ් විකිණීම සදහා සැලසුම් කරලා තියෙනවා. මේ රටේ කනිජ සම්පත් විකිණීම සදහා ලබන මාසෙ 20,21සමුළුවක් තියෙනවා. ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපලවල් 31ක් ඉන්දියාවේ අමුල් සමාගමට විකුණන්න සැලසුම් කරලා තියෙනවා.
මිල්කෝ ආයතනයත් අබේවෙල ෆැක්ටරියත් ඉන්දියාවේ අමුල් සමාගමට දෙන්න හදනවා.රටේ ජලය අපතේ යනවා කියලා ගොවි බිමෙන් බිමට වතුර මීටරයක් හයි කරන්න රජයේ සැලසුමක් තියෙනවා"