මොරොන්තුඩුව ප්‍රදේශයේදී අද (15දා) සිදුවූ රිය අනතුරකින් මොරොන්තුඩුව රථවාහන අංශ ස්ථානාධිපතිවරයා සහ තවත් කොස්තාපල්වරයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මොරොන්තුඩුව පොලිසිය පවසයි .
ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයා කුඩා ලොරි රථයක් නවතා පරික්ෂා කරන අතරතුර බණ්ඩාරගම දෙසින් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය අසල තිබූ පලතුරු වෙළෙඳ සැළකට කඩාවැදී , පරික්ෂා කරමින් සිටි කුඩා ලොරි රථයේ ගැටී පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ගැටී ඇතැයි පොලිසිය කියයි .
අනතුරින් සුළු තුවාල ලැබූ රථවාහන අංශ ස්ථානාධිපතිවරයා ගෝනදූව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර , බරපතළ තුවාල ලබා සිටි කොස්තාපල්වරයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය .
විශ්ව විද්‍යාලයේ පැවැත්වූ විභාගයකට මුහුණ දී පැමිණෙමින් සිට ඇති මෝටර් රථ රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බව, කරන ලද මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පැවසේ.
සුඛෝපභෝගී ජීප් රථය රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර , පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් සිල්වා මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වති .
පානදුර සුමිත් පොතුපිටිය

