මොරිෂස් රාජ්‍යයේ පෞද්ගලික අංශය වෙනුවෙන් නිෂ්පාදනය කළ අඩි 55ක් දිගැති නවීන ධීවර යාත්‍රාව නිල වශයෙන් දියත් කර භාරදීමේ උත්සවය ඊයේ (04) පෙරවරුවේ මට්ටක්කුලිය සීනෝර් යාත්‍රාංගණයේදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
"CAPTAIN C" ලෙස නම් කර ඇති මෙම යාත්‍රාවේ වටිනාකම ඇමරිකානු ඩොලර් 234,000කි. කියුබික් මීටර් 29ක මත්ස්‍ය ගබඩා ධාරිතාවක් සහ ලීටර් 12,500ක ඉන්ධන ධාරිතාවකින් සමන්විත මෙම යාත්‍රාව මොරිෂස්හි Captain C Adventure Offshore Fishing Co-operative Society ආයතනයේ සභාපති රමේෂ් චුට්ටූ මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
