මොරටුව පරණ පාලම අසළ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් ගුවන් හමුදාව අවම බලය භාවිත කළ බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ලබාදුන් ටෝකන්වලට පරිභාහිරව ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් පිරිසක් කටයුතු කිරීමට යාමේදී ඇතිවූ තත්ත්වය මේ සඳහා හේතු වූ බවද එම නිවේදනයේ දැක්වෙයි.
මෙසේ ටෝකන්වලට පරිභාහිරව කටයුතු කළ පුද්ගලයන් අසළ සිටි එක් පුද්ගලයෙක් වාහනයක් හෝ නොතිබුණ බවත් ඔහු බීමත්ව සිටිමින් අසළ සිටි පිරිස් ප්ර කෝපයට පත්කිරීමට කටයුතු කරමින් සිටි බවද ගුවන් හමුදාව කියයි.
එහිදී ගුවන් හමුදා සාමාජිකයෙකුට පහරදීමට උත්සාහ කර ඇති බවත් තවත් පුද්ගලයෙක් පතුරම් බහාලුමෙන් ඇද පරිධ වචනයෙන් බැනවැදී ඇති බවත් ගුවන් හමුදාව පවසයි.
මෙහිදී ඇතිවූ තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් අතිරේග භට පිරිස් කැඳවූ බවත් එහිදි කලහකාරී ලෙස හැසිරුණ පුද්ගලයා අවම බලය භාවිත කරමින් අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දීමට කටයුතු කළ බවද ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.