මොරගහහේන තල්ගහවිල මාලොස් ඇළ හන්දිය ආසන්නයේදී තීරෝද රථයකින් ගමන් ගත් දෙදෙනෙකුට මෝටර්රථය කින් පැමිණි පුද්ගලයන් පිරිසක් වෙඩි තැබීමෙන් ත්රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනා මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි.
මියගිය දෙදෙනා කවරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත. වෙඩි ප්රහාරයෙන් බරපතල ලෙස තුවාල ලබා සිටියදී පිලියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
සුදු පාටට හුරු මෝටර් රථයකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

