මොරගහකන්ද ජාලාශ බැම්මේ රාජකාරියේ යෙදි සිටි හමුදා සෙබලෙකු ඊයේ (23) ජිවිතක්ෂයට පත්ව ඇතැයි නාඋල පොලිසිය කියයි.
අදාළ සෙබලා අතුරුදන් වී ඇති බව දැනගත් පසු මොරගහකන්ද ජලාශයේ ජලය ගලා බසින අඹන්ගග ප්රදේශයට ජලය සැපයෙන සොරොව්ව වසා පරික්ෂා කිරිමෙන් පසුව රාත්රි දොලහට පමණ සෙබලාගේ සිරුර හමුවු බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ශ්රී ලංකා හතරවන පාබල රෙජිමේන්තුවේ දඹුලු ඔය කදවුරට අනුයුක්තව මොරගහකන්ද අණුකන්ඩයේ සේවයේ නියුතුව සිටි කෝප්රල් පි.එච්.එන්. සම්පත් (39) නැමති සෙබලෙකි.
ඔහු රේන්දවත්ත,දැඩිවිල්ල,ඇල්පිටිය ලිපිනයේ පදිංචිව සිටි අයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර විමර්ෂන පවත්වනු ලබයි.
නාවුල ඉන්දික


