මහවැලි මහ සැලැස්මේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ රක්ෂිත කලාපයේ ගිනි තැබීම් නවතා දැමීමට කටයුතු කරන්නැයි මොරගහකන්ද ජලාශයේ කාර්යභාර ඉංජිනේරු පී.එස්.බණ්ඩාර මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මොරගහකන්ද ජලාශයේ වත්මන් ජල තත්ත්වය සම්බන්ධයෙන් කල විමසීමක දී පසුගිය දා (30) හෙතෙම මෙම අදහස් පල කළේය.
මුහුදු මට්ටමේ සිට මීටර් 185 ජල ධාරිතාවකින් සමන්විත මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම අද වන විට මුහුදු මට්ටමේ සිට අඩි 163 දක්වා පහත බැස ඇති බව ද හෙතෙම කියා සිටියේය.
මේ වන විට ජලාශයෙන් ජලය නිකුත් කල හැකි ප්‍රමාණය අක්කර අඩි පනස් දහසක් පමණක් බව බණ්ඩාර මහතා කියා සිටියේය.
මෙවැනි තත්ත්වයක් හමුවේ ජලාශයේ පෝෂක කලාපයට ගිනි තැබීම් සිදුවීම හේතුවෙන් ජලාශ ආශ්රිත පරිසර පද්ධතියට බලපෑම් එල්ල වන හෙයින් ගිනි තැබීම් සිදු නොකරන ලෙසට බණ්ඩාර මහතා ඉල්ලීමක් කළේය.
ජලාශයේ ජල මට්ටම පහත බැසීම හේතුවෙන් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය ද තාවකාලිකව නවතා ඇති බව ද හෙතෙම කියා සිටියේය.
නාඋල - ඉන්දික අරුණ කුමාර


