මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානයට පහලින් හමුවු ජීව පතොරම් වලට අමතරව පොලිසිය සිදුකල වැඩිදුර මෙහෙයුමක දි අද (12) යළි ජීව පතොරම් 715 ක් සොයාගත් බව නාඋල පොලිසිය කියයි.
ඊයේ (11) මොරගහකන්ද ධීවර ප්‍රජාවගෙන් කියන ලද තොරතුරකට අනුව නාඋල පොලිසිය විසින් ජීව පතුරම් 400කට ආසන්න ප්‍රමාණයක් සොයා ගන්නා ලදි.
අනතුරුව පොලිසිය සිදු කළ වැඩිදුර සෝදිසි මෙහෙයුම් වලදි ජීව උන්ඩ හසිය පහළොවක් සොයොගත් බව පොලිසිය කියයි.
අලුතින් සොයාගන්නා ලද පතුරම් අතර ටී 56 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන පතොරම් සහ වෙනත් බර අවි අවි සඳහා භාවිතයට ගැනෙන පතුරම් රැසක් ද පවතින බව පොලිසිය කියා සිටියේය එම වර්ග හඳුනා ගැනීම සහ අදල වැඩිදුර පරීක්ෂණ කටයුතු නාඋල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් පරිදි සිදුකරගෙන යනු ලබයි .
නාවුල ඉන්දික අරුණ කුමාර