මොනරාගල ප්රාදේශීය සභාව මඟින් මොනරාගල නගරය ඇතුළු නගරය ආශ්රිත මාර්ග වලින් බැහැර කරන කුණු කසළ දැනට මොනරාගල හොරම්බුවා සුදුවතුආර පාරේ කසල අංගනයේ එක් රැස් කරයි.
එසේ කසළ බැහැර කිරීම නිසා පරිසරයට හානි සිදුවී ඇති අතර ඒ ආසන්නයේ පදිංචිකරුවන්ට විවිධ අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදුවී තිබේ.
මීට පෙර සභාව මඟින් එකතු කරන ලද කැලි කසළ වෙන් කිරීමකින් තොරව මෙසේ බැහැර බැහැර කරන ලදි.
පසුගිය පාලන කාලය තුළදී කැලි කසළ වලින් කාබනික පොහොර නිෂ්පාදනය සිදුකෙරෙනු අතර කැලි කසළ දිරන හා නොදිරන වශයෙන් නොලැබීම නිසා පොහොර නිෂ්පාදන කටයුතු ඉතා සංකීර්ණ කටයුත්තක් බවට පත්වුණ අතර එම කසළ විශාල කුණු කන්දක් බවට පත්විය.
මේ පිළිබඳව අවධානය යොමු කළ මොනරාගල ප්රාදේශීය සභාවේ සභාපති ජනක කුරුප්පු මහතා මින් ඉදිරියට වෙන් නොකරන ලද කුණු කසළ සභාව මඟින් භාර නොගැනීමටත් නොදිරන සහ දිරන ලෙස වෙන් වෙන් වශයෙන් කුණු කසල ප්රාදේශීය සභාවේ ට්රැක්ටර් රථ වලට ලබා දෙන ලෙසත් ඉල්ලා සිටි.
මීට පෙර ගොඩ ගසා තිබූ විශාල කුණුකන්ද මේ වන විට සමතලා කර පස් දමා වසා දමා ඇති අතර ඉදිරියේදී කසළ අංගනය විධිමත් ලෙස පවත්වාගෙන යාමටත් පොහොර නිෂ්පාදන කටයුතු කාර්යක්ෂමව කිරීමටත් පියවර ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.