මොනරාගල රෝහලේ හෙදහෙදියන් දෙවෙනි වරටත් සංකේත වැඩ වර්ජනයක
මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට සැකකරන රෝගීන් හඳුනාගැනීමෙන් පසු ඔවුන්ගේ පී.සී.ආර් වාර්තා ලැබෙන තෙක් රෝහලේ හෙද නිලධාරී මණ්ඩලය අන්තර්කාලීන නිරෝධායන ක්‍රියාවලියකට යොමුකරයි.
එසේ යොමුකරන හෙද නිලධාරීන්ට නිරෝධායනය වීම සඳහා සුදුසු ස්ථානයක් ලබානොදීම සම්බන්ධයෙන් පාලනාධිකාරියට විරෝධය දක්වමින් අද (02) රෝහල් පරිශ්‍රය ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්විණි.
පෙබරවාරි මස 25 වෙනි දිනද මේ සම්බන්ධයෙන් සංකේත වැඩවර්ජනයක් පැවැත්වුවද ඊට පාලන අධිකාරිය නිසි පිළියමක් නොයෙදීම නිසා නැවත මෙලෙස සංකේත වැඩවර්ජනයක නිරත වීමට සිදුවූ බව හෙදහෙදියෝ පිරිසක් පැවැසූහ.
තමන්ගේ ඉල්ලීම්වලට සාධාරණ කඩිනම් විසඳුමක් ලබා නොදුනහොත් අඛණ්ඩව වැඩවර්ජනයේ නිරත වන බව ඔවුහු සඳහන් කළහ.
දෙසියයකට ආසන්න හෙදහෙදියන් පිරිසක් සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරතවී සිටි අයුරුයි මේ.
මේ පිළිබඳව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධිකාරී ආර්.එම්.ඩී රත්නායක මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ හෙද හෙදියන්ගේ ඉල්ලීම පරිදි ප්‍රමාණවත් ගොඩනැඟිල්ලක් දීමට රෝහල් පරිශ්‍රයේ ඉඩකඩ නොමැති බවයි.
දැනට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සතු නිවාසයක් ලැබී ඇති බැවින් එය ඔවුන්ට ලබාදීමට කඩිනමින් කටයුතු කරන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

