මොනරාගල රෝහලේදී මෘත දේහයන් දෙකක් මාරුවෙලා
මොනරාගල දිස්ත්රික් මහ රෝහලේදී ප්රතිකාර ලබමින් සිටියදී මියගිය කාන්තාවකගේ මෘත දේහයක් වෙනුවට පිරිමි පුද්ගලයෙකුගේ මෘත දේහයක් (12) වෙනිදා ඥාතීන් රැගෙන යාම නිසා ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.
බඩල්කුඹුර අළුපොත කොළණිය මුස්ලිම් ගම්මානයේ පදිංචි ජුබෙයිදා උම්මා (75) නැමති කාන්තාවගේ මළ සිරුර වෙනුවට මොනරාගල රෝහල මඟින් භාරදී ඇත්තේ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරකි.ඥාතීන් විසින්ද මෘත දේහය හඳුනා නොගෙන රැගෙන ගොස් තිබේ.
මෘත දේහය මෘත ශරීරාගාරයෙන් භාර දෙන විට එය රෙද්දකින් වසා තිබී ඇති අතර ඥාතීන් විසින් එය භාරගෙන නිවසට රැගෙන ගොස් ඇත.
ඉස්ලාම් ආගමික චාරිත්රානුකූලව භූමදානයට පෙර මෘත දේහය නෑවීමට සූදානම් වීමේදී මෘත දේහය පිරිමි පුද්ගලයෙකුගේ බවට අනාවරණයවී ඇත.
පසුව ඥාතීන් විසින් මෘත දේහය යළිත් මොනරාගල දිස්ත්රික් මහ රෝහලට රැගෙන ගොස් භාරදී මියගිය තැනැත්තියගේ මෘත දේහය රැගෙන ගොස් එදිනම සවස භූමදාන කටයුතු සිදුකර තිබේ. මේ පිළිබඳව රෝහලේ සුළු සේවක පරිපාලන අංශයෙන් කළ විමසුමකදී පැවසුවේ,මෘත දේහයක් හඳුනාගෙන රැගෙනයාම ඥාතීන්ගේද වගකීම බවයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

