මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට දෙවෙනි දරුප්‍රසූතිය සඳහා ඉකුත් (19) වෙනිදා පැමිණි මවත් දරුවාත් මියගොස් ඇතැයි රෝහල් පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඇතිමලේ කුඹුක්ගේයාය ගැමුණුපුර පදිංචි ඩී.එම් නිශාරා සඳමාලි (28) නැමති මව සහ ඇයගේ දෙවන දරුවාය.
දරුප්‍රසූතිය සඳහා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුලත්වී සිටි ඇය ඉකුත් (18) වෙනිදා උදෑසන මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකොට යවා ඇති අතර එහිදී සිසේරියන් සැත්කමක් කිරීමෙන් අනතුරුව පිරිමි දරුවෙකු ලැබී ඇත.
දරුවා ලැබී ටිකවේලාවකට පසුව දරුවා මියගොස් ඇති අතර මව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීමෙන් අනතුරුව එදින රාත්‍රී මියගොස් තිබේ.
මෙම මවගේ සහ දරුවාගේ මරණ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.බී විජේතුංග මහතා විසින් අද (21) පැවැත්වීමට නියමිතව තිබිණි. ඇතිමලේ පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
මොණරාගල සුමනසිරි ගුණතිලක